විල්පත්තු නඩුව නැවත මුලසිට විභාගයට

Picture of අසංක

අසංක

විල්පත්තු රක්ෂිතය සහ ඒ අවට කැලෑ එළිපෙහෙළි කර නැවත පදිංචිකිරීමට එරෙහිව ගොනු කර තිබෙන රිට් පෙත්සම නැවත විභාගයට අභියාචනාධිකරණය අද තීන්දු කළේය.

අදාළ පෙත්සම ලබන ජුලි 31 වැනිදා සිට නැවත විභාග කිරීමට අභියාචනාධිකරණ විනිසුරු ජගත් ද සිල්වා හා නිශ්ශංක බන්දුල කරුණාරත්න යන මහත්වරුන් තීරණය කළේය.

පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ගොනු කර තිබූ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ඇමති රිෂාඩ් බදියුදීන් මහතා දිසා ලේකම් මධ්‍යම පරිසර අධිකාරිය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබුණි.

මෙම පෙත්සම 2015 වසරේ ගොනු කර තිබූ අතර එහි විභාගය අවසන් කර ලබන අගෝස්තු මස 08 වැනිදා තීන්දුව ලබාදීම නිශ්චිතව තිබියදී එය නැවත මුල සිට විභාග කිරීම අධිකරණය අද තීන්දු කළේය.