මෙරට සංචාරක තහනම ස්විස්ටර්ලන්තය ඉවත් කරගනියි

Picture of අසංක

අසංක

පාස්කු ඉරිදා ප්‍රහාරය හේතුවෙන් මෙරට සංචාරය සඳහා පැනවූ තහනම ස්විස්ටර්ලන්ත රජය විසින් ඉවත් කරගෙන තිබේ.

පසුගිය අප්‍රේල් 21 වැනිදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ සිදුකරන සංචාරවලින් වළකින ලෙස ස්විස්ටර්ලන්තයේ ෆෙඩරල් විදේශ දෙපාර්තමේන්තුව තම පුරවැසියන්ට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබුණි.

නමුත් ශ්‍රී ලංකාවේ සිදුකරන පෞද්ගලික සංචාරවලදී තම ආරක්ෂාව සම්බන්ධයෙන් වඩාත් විමසිලිමත් වන ලෙස ස්විස්ටර්ලන්ත රජය තම පුරවැසියන්ට තවදුරටත් දැනුම් දී තිබේ.