බස් ගාස්තු ඉහළට!

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

බස් ගාස්තුව සියයට 12.19 කින් ඉහල නැංවීමට සහ අවම බස් ගාස්තුව රුපියල් 30 ක්  දක්වා ඉහල නැංවීමට  කැබිනට් අනුමැතිය ලැබුණු බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ උසස් නිලධාරියකු අද (23) පස්වරුවේ පැවසීය.

නව බස් ගාස්තුව අද (23) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බව ද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

අවම බස් ගාස්තුව මීට පෙර රුපියල් 27 ක් ලෙස පැවතුණු බව කී නිලධාරියා අවම ගාස්තු රුපියල් තුනකින් පමණක් ඉහළ දැමූ බව ද සඳහන් කළේය.

ඩීසල් මිල පසුගිය 21 වැනිද‍ා මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ යාමත් සමග බස් ගාස්තු ඉහළ දැමීම පිළිබඳව සලකා බැලූ බවත් ඒ අනුව බස් ගාස්තු සමීකරණයට අනුව මෙම ගැනීම යෝජනා කළ බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.