නව ගුවන් හමුදාපති සුමංගල ඩයස්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

නව ගුවන් හමුදාපති ලෙස මාණ්ඩලික ප්‍රධානී  එයාර් මාෂල් සුමංගල ඩයස් මහතා පත් කර තිබේ. එයාර් මාෂල් සුමංගල ඩයස් මහතා  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී අද  සිය තනතුරෙහි  දිවුරුම් දුන්නේය.

ඔහු ශ්‍රී ලංකාවේ 17 වැනි ගුවන් හමුදාපතිවරයාය. ගුවන් හමුදාපති  එයාර් වයිස් මාෂල් කපිල ජයම්පති මහතා අද (29)  විශ්‍රාම යාමට නියමිතය.