ඩෙංගු රෝගය මේ වනවිට අධි වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න ප්‍රකාශ කළා.
එමෙන්ම මෙතෙක් පැවති ඩෙංගු අධි අවදානම් කලාප 74 මේ වනවිට 84ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, කුරුණෑගල, පුත්තලම, රත්නපුර, කෑගල්ල, මහනුවර, මාතලේ, මඩකළපුව සහ බදුල්ල යන දිස්ත්‍රික්කවල ඩෙංගු සීඝ්රයෙන් පැතිර යන බවට මේ වන විට හඳුනාගෙන ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ.
පාසල් දරුවන් ඩෙංගු වෛරසයට ගොදුරු වීමේ වැඩි ප්‍රවණතාවක් දක්නට ලැබෙන බවයි සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි ප්‍රකාශ කළේ.
ඩෙංගු වයාප්තිය හමුවේ ඊයේ ආරම්භ කෙරුණු මදුරු මර්දන සතියේ දෙවන දිනය අදයි.

