චැටර්ල ආර්යාව සමග නරියාගේ වැස්සේ නා දොස්තයෙව්ස්කිගේ  රස්කොල්නිකොව්  සමග බීර බිව් සිංහල සිසුවා  

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ක්‍රෙම්ලින ඇසළ සඳ නවකතාව පිටවෙලා අවුරුදු දෙකක් සපිරේම මේ මොහොතේ  මෙම නවකතාව කියවන්න අවස්තාවක් කීපයක්ම ලැබුනා. එකට හේතු උනේ ආචාර්ය ජයන්ත ගලගමයන් මා හට පොත මුද්‍රනට කිරීමට ප්‍රථම සෝදුපත් බැලීමට අවස්තාවක් ලබාදීමත් පොත එළිදැක්වීමේ උත්සවයට පුරක කාර්ය මාහට පැවරීමත් නිසා ක්‍රෙම්ලින ඇසළ සඳ නවකතාව කීප අවස්තාවකම කියවීමේ වාසනාව මා සතු විය. 

 මම සහිත්‍ය විචාරකයකු නොවුනත් ,කතෘ මගේ මිතුරකු නිසා ඒ ගැන  යමක් ලිව්වොත් හොඳයි කියලා හිතුණා .  

.ක්‍රෙම්ලින  ඇසළ  සඳ නවකතාවේ නම දැක්කම නිකන් කුතුහලයක් ඇතිවුණේ පුංචිවට  දේශපාලනය ගෑවිච්ච බවක් තිබුණ  නිසා .පිටකවරේ බලලා පොත් ගන්න මිනිස්සුන්ට ක්‍රෙම්ලින විරෝධීන්ට මේ නිසා කිසියම් චකිතයක් ඇති මේ පොත මිළදී ගන්න .නමුත් ඇත්තට ම පොතට මේ නම ගැලපෙනවා කියලා හිතුනෙම පොතේ  අග හරියට යනකොට .ජයන්ත ගලගම (පොතේ කතෘ )මේ පොතට නම දාලා තියෙන්නේ කථාවේ කුටප්‍රාප්තිය කරණ කොට කියලා දැනුන කොට .ඒ අතින් නම පොතට අර්ථයක් ගෙන දුන්නට සමහරුන්ට මේ නම එච්චර අල්ලන එකක්  නෑ කියලයි මට හිතෙන්නේ .විශේෂයෙන්ම ක්‍රෙම්ලිනය සමග වමත්, වාමවාදී කඳවුරත් නියෝජනය වුන නිසා .ඒ හේතුව නිසාම වාම විරෝධීන්ට ,මධ්‍යස්ථ මතධාරීන්ට පිටකවරේ බලලා මේ පොත ගන්න උත්තේජනයක් එයි කියලා හිතන්න අමාරුයි .නමේ පොඩි අවුලක් තියෙනවද මන්දා  ?සුගතපාල ද සිල්වාගේ” ඇසළ සඳ අවන්හළ “ ජැක්සන් ඇන්තනීගේ “ඇසළ කළුවර “අහලා තිබ්බට ක්‍රෙම්ලින ඇසළ සඳ”. 

කොහොමහරි කථාවෙන් කියවෙන්නේ මහා සමාජවාදී රාජ්‍ය කඩා වැටුණු අනුගණන් වල මුල භාගේ මොස්කව් නුවර ජිවත් වුන ලංකාවේ ශිෂ්‍යයෙක්ට  එක්තරා ජුලී නැත්නම් ඇසළ මාසයක් පුරාවට සිදුවන සිදුවීම් සමුදායක් ගැන ය .ලේඛකයා තමන් විසින් ම  කථාව කීමේ කාල පාරාසය සීමා කර ගත්තට කතාව කියවගෙන යනකොට ඒ අඩුව නම් දැනුණේ නෑ . 

අනු ගණන් වල මුල් භාගේ සෝවියට් සමුහාණ්ඩුව බිඳ වැටිච්ච කාලේ ලියනවුන දේ සිංහලෙන් පළවෙලා තියෙන්නේ බොහොම අඩුවෙන් කියලා තමයි මගේ හැඟීම .ඒ කාලයේ සෝවියට් දේශය කඩා වැටිලා මිනිස්සු ජීවත්වුණ විදිය අඟහිගකම් ගැන  ලංකාවේ මාධ්‍ය වල ඕනිතරම් ප්‍රවෘත්ති මැවුනට ඒ බොහොමයක් ආවේ බටහිර ආකෘතියකින් එසේත් නැතිනම් සමාජවාදයේ මළගම සතුටින් දන්වන පැණියක  ඔතලා . 

කොහොම හරි ඒ සමාජ ආර්ථික පරිසරය ආදර කථාවක් අනුසාරයෙන් ලියවිච්ච බව මම කිව්වොත් සමහරු ඒ කථාවට එකඟ නොවෙයි .ඒ  නැගෙනහිර යුරෝපියානු සමාජවාදී රටවල ඇතිවුණ කඩාවැටීමට හේතු සාධක වූ හේතුන් ගැන මා මෙහෙදී කථා කරීමට උත්සහා නොකලත් ලෝක බලතුලනය පිලිබඳ ඇති වූ වෙනස්වීම නිසා අදටත් සක්‍රියව පවතින යුද්ධ ,යුද්ධය හා අතිනත් ගෙන යන සිදුවූ දේපළ හා ජිවිත හානී කොපමණද ? 

හැත්තෑ හතෙන් පසුව ලංකාවේ ආර්ථිකය  ලිබරල්කරණය තුලින් ලාංකිකයන්ට ලෝකය විවෘත වුවත් නැගෙනහිර යුරෝපය ලංකා ශිෂ්‍යයින්ට ඇරී තිබුණේ බොහෝ කාලයක සිට ය  .ඒ නිසා ම ඒ හා බැඳුන සහිත්‍යක්ද ඉතාම මද වශයෙන් සමාජ ගතවී තිබුණා .ඔරුවල බන්ධු මේ අතරේ ප්‍රධාන තැනක් ගත්තා .අනෙක් අතට රුසියානු සහ සෝවියට් සාහිත්‍ය අපේ රටේ කියවන්නන් අතරේ අදටත් තියෙන්නේ මුල් තැනක . 

මේ නවකථාවේ කථා නායකයා සාලිය ,ඔහුගේ ළඟම මිතුරෙකුගේ හඳුන්වාදීම අනුව ඔහු පෙමෙක් නැතිනම් (womanizer )කෙනෙක් .පෙනෙන විදියට සාලිය  ගතානුගතික ශ්‍රී ලංකික යව්වනයෙක් .ඔහු  සංස්කෘතික නිදහසක් ලැබූ තරුණයෙක් .  මෙය සමාජය පිලිබඳ දේශපාලන මුහුණුවරින්  ව්‍යුත්පන්න  නොවන නිදහසක් .එනම් ප්‍රධානවම ස්ත්‍රී පුරුෂ සහසම්බන්ධතාවය පිලිබඳ ලංකා සමාජය හා නැගෙනහිර යුරෝපියානු රටවල් සැසදීමේදී පවතින තත්වයක්.දේශපාලනිකව සංවෘත වූ සමාජයක ස්ත්‍රී පුරුෂ සම්බන්ධතාවය අරභයා විවෘතභාවයක් ගැන කියැවෙන නිදහසක් . 

නැගෙනහිර යුරෝපියානු රටවල ඉගෙනගත් සිසු සිසුවියන්ට අනුව ඔහුන් ගතකර ඇත්තේ පට්ට  නිදහස් ජිවිතයක් .මොකක්ද මේ පට්ට නිදහස? නමුත් බටහිර වර්ගීකරණයට අනුව විවෘත නොවූ නිදහස් නොවූ සංවෘත තත්වයක් .එසේනම් මේ සිසුවන් පවසන නිදහස කුමක්ද?එය හුදෙක් රඳා පැවතියේ ලංකික සමාජයේ ස්ත්‍රි  පුරුෂ බහුතරකට ඇති වී තිබෙන තම ආර්ථික හා සංස්කෘතික කාරණා හමුවේ යටපත් වී ඇති ලිංගික ආබාධ පිවිසුමද ? .මෙය මේ පොත මුද්‍රණය වූ කාලයේ ඒ ගැන අදහස් පලකළ ෆිලික්ස් ප්‍රනාන්දු අදහස් කර තිබුනේ “ජීවිතය සොයන්නන් “ යනුවෙනි . ජිවිතයේ එකතරා අවදියක ශාරීරික අවශ්‍යතා සපුරාගැනීමට සියල්ල සදහා ශරීරිය සුදානම් වී සිටිය ද සමාජ හා සංස්කෘතික  බැඳීම් හමුවේ නැතිවන නිදහස ය . මේ දෙස ඉතාම සානුකම්පිතව බැලීමට පුරුදු නොවීම නිසා ම ඇතිවන අසහනයෙන් මිදීම මෙම නිදහස ලෙස මම තේරුම් ගතිමි . 

ඉහත සදහන් නිදහසක් භුක්ති විදීමට අවස්ථාව  ලැබුන ද ,තම ඇතුලාන්තයෙන් නිදහස් නොවූ තරුණ තරුණියන් වටා ගෙතුණ හැසිරීමේ ස්වාභාවය විශ්ලේෂණාත්මකව බැලීමක් යන පුර්ව වුත් දෙවනුව එසේ නොවේයැයි ද සිතමින් අදහස් පලකරමි. 

කතාව ආරම්භ වන්නේ  සාලිය තම ලිංගික සහකාරිය බ්ලන්දින්කා එනතුරු නොඉවසිල්ලව බලාසිටිනා අයුරු විස්තර  කරමින් ය .නමුත් ඔහු මෙම තැනැත්තිය පෙම්වතිය සේ හැඳින්වීමට මැලිවන බව කතෘ වියන්ඟයෙන් හඟවයි  .ඔහු මෙසේ කිරීමට මැලිවන ප්‍රධානම හේතුව ඇය ඔහු වෙනුවෙන් ම බඹා කෙටු කාන්තාව නොවන නිසාද ? ඔහුට පෙර ඇය  සහකාරයන් හතලිස් හය දෙනකුගේ පහස ලබා ඇති නිසාද ?යයි කීමට කතෘ ඉක්මන් වන්නේ නැත .ඇය තම පෙම්වතිය යැයි නොහඟවන්නේ සෝදා ගෙට ගත් පුතුට කන්‍යාවක් සොයන සමාජයක අක්මුල් දිව් කෙනෙක් වීම ද ?ගැබ්බර වූ බ්ලන්දින්කා  හා විවාහ නො වීමට ඇති ප්‍රධානම හේතුව එයද ?කතෘ පවසන්නේ නැති ය .එය තීරණය කළ යුත්තේ  පාඨකයා වූ අප ය .ඇය රූමත්ය ,පිරිමියකු ලිංගික උත්කර්ෂණයට පත් කිරීමට ඇති සියළු ගුණයන්ගෙන් පොහොසත් ය .ඉහුම් පිහුම් ගේ දොර වැඩකටයුතු ඈ කරන්නේ යකෙක් බැඳ ගත්තා සේ ය . 

මෙම නවකතාවේ විවිධ වර්ණ සහිත බොහෝ දෙනා හඳුන්වා දුන්නද  වර්ගවාදය ගැන නැතිනම් වර්ණ වාදය පිලිබඳ කිසියම් වූ අදහසක් කතෘ ව්සින් ඉදිරිපත් නොකරන්නේ හිතා මතාද ?වර්ණය සමාජ වර්ගීකරණයන්ට භාජනය වන බවට කතිකාවක් මාතෘකාවක් මෙම නවකථාව තුළ සිදුනොවන්නේ ඇත්තට ම සෝවියට් සමාජය තුළ ආකල්පමීය ලෙස හෝ ඒ ඒ කුඩා සංස්කෘතික කණ්ඩායම් තුළ  ඒ ගැන කථා  නොකළේ ද ?නමුත් සෝවියට් සමාජය පිටින් පැමිණෙන වුන්, වර්ණයෙන් වෙනස් වුවන් .හඳුන්වන්නේ තවාරිස් (comrade,සහෝදරයා සහෘදයා  )විදේශිකයා ලෙසද ?බීමත් රුසියනුවා ,උමං දුම්රිය සේවකයා ,බස් රථ රියදුරා ආදී අතිශය කේන්තියට පත්වූ හිටපු සෝවියට්යානුවන්වත් වර්ණවාදී බැණ අඬ ගැසීමකට ,ගැරහීමකට නො පෙළඹෙන්නේ මන්ද ?කතෘ සෝවියට් හිතවාදීව එසේ කරනවාද ?එසේ නොවන්නේනම් අවුරුදු හැත්තෑදෙකක් තුළ එවන් මිනිසෙකු නිර්මාණයට සෝවියට් සමාජයට හැකිවුනි ද ?එසේ නොවන්නේනම්  සෝවියට් බ්ලොක් එකේ ඉගෙනගත්තවුන් වර්ණවාදය ,වර්ගවාදය ගැන සෝවියට් ආකල්පය හිතා මතා ම වසන් කරන්නේද ? එසේම්නම් ප්‍රශ්නය ඇත්තේ කොතැනක ද ? 

පොතේ එක්  තැනක සාලිය උමං දුම්රිය තුළ හීනයක්  දකින්නේ  convertable ජීප් රථයක තම පෙම්වතිය සමග යන ගමනක් ගැනය  .නමුත් ඔහු එසේ සිහින දකින්නේ තම ලිංගික සහකාරිය වූ  බ්ලන්දීන්කා සමග  නොවන බව හැඟවීමට කතෘ පෙළඹෙයන්නේ ය  . සාලියට බ්ලන්දින්කා අවශ්‍ය වන්නේ තම කායික අවශ්‍යතා සපුරා ගැනීමට ය .හරියට තම අඩුම කුඩුම පෙට්ටිය ගෙන ගෙන් ගෙට යන කරනවෑමියකු ලෙස බ්ලන්දින්කා ව  පෙන්වීමට උත්සහා ගත්ත ද ?සාලියට බ්ලන්දින්කා ගැන යටි හිතේ අදහසක් ඇති බව ඒත්තු ගැන්වීමට ද කතෘවරයා උත්සහා දරන්නේ, සාලිය තුළ  බ්ලන්දින්කාට ඇති කැමැත්ත ඔහු තුළ සිටින ලාංකික  සංස්කෘතික මිනිසා ව්සින් බහැර කරන බව පෙන්විමට ද ? ඔහු සැඟවූ ව ද ,නොපෙන්වා සිටිය ද සැඟවීමට අපහසු යම් හැඟීමක් ඔහුට බ්ලන්දින්කා කෙරේ  ඇති බව පෙනේ  .ඔහු එක්  එක් කාන්තාව කෙරේ වෙනස් ම ආකාරයට හැසිරෙන්නේ මන්ද ? 

 සාලිය ඉතා අසහනයට පත් වෙලාවක නැත්නම් ඉච්චාභන්ගතවයට පත් අවස්ථාවක   අවන්හලේ බීර පානය කරන්නේ රස්කොල්නිකොව්  සමගය .රස්කොල්නිකොව්  දොස්ත යෙව්ස්කිගේ අපරාධය හා දඬුවමේ කථා නායකයා  හිටපු උපාධි ධාරියා ය.ඔහුන් දෙදෙනාම යම් වරදකට ස්වයං දඩුවම් සොයන්නන් ය .රස්කොල්නිකව් සමග බිර වීදුරුවක් තොල ගෑමට මෙම ලියුම්කරු ද  කැමතිය .රස්කොල්නිකව් බීර මේසයට කැඳවීම  ලියුම්කරු උන්මාදයට පත් කරණ ලද්දේ ය .අනෙක් අතට අමරදේවගේ කන්දෙන් ලන්දෙන් ගීතයට අනුව ඇඳුම් ගලවමින් කාමරයට පැමිණෙන බ්ලන්දින්කාත් මහා වැස්සේ නිරුවත්ව ගොවිපල වටා දිව යන බ්ලන්දින්කාගේ ස්වරුපය සාලියට සිහියට ඒමෙන් කතුවරයා අවධි කරන්නේ සිංහල සංස්කෘතික තරුණයාගේ වියැකී ගිය මනෝරාජික ලිංගික උත්පේරකයන්ද ?ඩී එච් ලෝරන්ස්ගේ lady chaterlies lover  නවකතාව ආශ්‍රයෙන් තැනුණ චිත්‍රපටිය ලංකාවේ පැල් බැඳගෙන දිව්වේ එහි අග්‍රගන්‍ය බව නිසාවත් ඒ නවකථාව  කියවා ඇති නිසා වත් හෝ තේරුණ නිසාවත්  හෝ නොවේ.එහි තිබු ලිංගික දර්ශන නිසා ය .ලංකාවේ චිත්‍රපටියක් දවස් පනහක් නොකඩවා තිරගත වීමට නිලියකගේ උඩුකය නිරුවත් කර පෙන්වීමත් ඇති බව කවුරුන් හෝ ක්‍ෂෙත්‍රයට සම්බන්ධ කෙනෙක් කොහේ හෝ කියා තිබුණා මතකය .ඒ අසු  ගණන් වලය .අනු ගණන් වල මුල කුඩවලින් මුහුණු ආවරණය කරමින් ඇගේ වෛරයෙන් පටන් ගත් සිනමා රැල්ලේ චිත්‍රපට බැලීමට පෝලිමේ සිටියේ අපේ ම කට්ටිය ය .චිත්‍රපටය නරඹා චිත්‍රපටියේ  අධ්‍යක්ෂටත් නිෂ්පාදකටත් අමු සිංහලෙන් අමතමින් ගියේ ද ඔහුන්ම ය.  

මේනකා නමැති ශ්‍රී ලාන්කික තරුණිය ද තම සංස්කෘතික මන්කඩේන්  ගිලිහුනදා හැසිරෙන්නේ සාලිය මෙන් ය .සංස්කෘතික නිදහස භුක්ති විදින්නේ ගැහැණුන් හා පිරිමින් යන දෙපාර්ශවයම ය .සමහර විට ඔහුවූ සංස්කෘතික ඇරියෂ් කවර් කරන්නන් ය .යලිත් සුපුරුදු සංස්කෘතියට පැමිණෙන ඔහුවූ හැදින්විය හැක්කේ  සංස්කෘතික දෙබිඩ්ඩන් ලෙස ය .සාලිය බ්ලන්දින්කා අවසාන හමුවේදී අපේ මිනිසුන්ගේ දෙබිඩි පිළිවෙත ගැන ඈ  පවසන්නී සත්‍ය නොවේ ද ? . 

  බ්ලන්දින්කා, මේනකා,තාන්යා සහ ස්වෙත්ලානා අතරින් වඩාත් ආකර්ශණිය හෝ වඩාත් සිත් ගත් තැනැත්තිය කවුදැයි සෙවීමට මගේ හිත වෙහෙසුනේ ය .නමුත් මේ සියල්ල අතරින් සාලියගේ සිත් වඩාත් ඇදී ගියබව පෙනෙන්නේ  තම රටේ යුවතියක වූ මේනකා ගැන බවයි මගේ හැඟීම .එහෙම දෙයක් වන්නේ සාලිය තම ජීවිතය ගැන සිතන සම්ප්‍රදායික බව නිසාද ?ඇය දුරස් වීමෙන් ඔහු වඩාත් කනස්සල්ලට පත්වන්නේද ? 

.  

ඉච්ච්චාභාන්ගත්වයට පත්වුණ සාලිය මොස්කව් මහා ගල් පාළම  අභිමුවට යන ගමන උත්කර්ෂයට පත් කොට ඇති ආකාරය අගය කල යුතුය .එහි වූ යටිපෙළ ශක්තිමත් ය ,ආකර්ශනීය ය .මුගලන් මහා රහතුන් ගැනත් ,නාලාගිරි දමනය සහ අසිපත් වන අපාය  ඇසුරත් අනෙකුත් රුපකයන් යොදාගෙන ඇති අකාරයත් හොඳය . ඔලිම්පික් පිහිණුම් ශුරයාගේ කථාව සාලියගේ  කථාවේ ම කොටසක් වන්නේ ය .මේ නිසා ඔහු කථාවට බලෙන් එබ්බ වූ චරිතයක් නොවන්නේ ය .මේ මුළු ලෝකයේ ම මිනිසුන්ගේ කතාව පරිසරය ඉවත් කළ විට එකම කථාවක් නැත්නම් ව්ශ්වීය කථාවක් නොවන්නේද ? 

ඇමෙරිකාවේ සිට සංචාරයක් සඳහා පැමිණෙන අසේල සාලියට කියන රබන් පදය සැලකිල්ලට ගත යුතුය .ඇමෙරිකාවේ සිටියත් රුසියාවේ සිටියත් අපි උඩපල ගත්තත් වට්ටක්කයා ය .බිම පල ගත්තත් වට්ටක්කා ය . 

අපි කොතෙකුත් රුසියානු සහ සෝවියට් සාහිත්‍ය පරිශීලනය කොට තිබුන ද .මොස්කව් නගරය පාදක කර ගනිමින් සිංහල තරුණයකුගේ අත්දැකීම් අලලා ලියවුන මෙම නවකථාව තුල  කිසියම් වූ නැවුම් බවක් ගැබ් වී තිබේයැයි  සිතේ,ඒ නිසා ක්‍රෙම්ලින ඇසළ  සඳ කියවීමෙන් මා ආස්වාදයක්, නවමු අත්දැකීමක් ලැබුවේමි .ඒ නිසා ම මෙසේ ලිවීමට සිත්වීමි . 

 සුමේධ ප්‍රේමරත්න   

YouTube player