මාලිගාවත්ත – සංඝරාජ මාවත ප්‍රදේශයේදී සිදු කළ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කංජිපානි ඉමරාන් නමැති සංවිධානාත්මක අපරාධකරුගේ මාමා බවට වාර්තා වූ බව පොලිසිය සඳහන් කළා.
එම පුද්ගලයා ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැලක හිමිකරුවෙකු බවයි අනාවරණය වී ඇත්තේ.

