සහරාන්ගේ ලැප්ටොප් එකක් හමුවේ

Picture of අසංක

අසංක

පාස්කු ඉරිදා ප්‍රහාර එල්ල කළ මරාගෙන මැරුණු බෝම්බකරු සහරාන් හෂීම් භාවිත කළ බවට සැළකෙන ලැප්ටොප් පරිගණකයක් අක්කරෙයිපත්තුව, පාලමුනෙයිහිදී හමුවී තිබේ.

එමෙන්ම මීට සති දෙකකට පෙර අත්අඩංගුවට ගැනුණු සහරාන්ගේ අම්පාර සම්බන්ධීකරණ කටයුතු කළ සමීපතමයකු වූ ෂියාම්ට අයත් රුපියල් මිලියන 5ක මුදලක් ද සොයාගැනීමට හැකිවී ඇත.

රාජ්‍ය බුද්ධි සේවය විසින් එය සොයාගෙන ඇත්තේ ෂියාම්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී ලද තොරතුරකට අනුවයි.