පුජිත් ජයසුන්දරට එරෙහිව තවත් අපරාධ විමර්ශනයක්

Picture of අසංක

අසංක

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව තවත් අපරාධ විමර්ශනයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද ආරම්භ කළේය.

ඒ භාවනා කළේ නැතැයි පවසමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පිහිටි නව මහලේකම් කාර්‍යාල ගොඩනැගිල්ලේ සෝපාන ක්‍රියාකරුට පහරදීම සම්බන්ධයෙනි.

මෙම පැමිණිල්ල පහර කෑ නිලධාරියා විසින් එවකට පොලිස් මූලස්ථානය වෙත පැමිණිලි කර තිබුණි.

එහෙත් පූජිත් ජයසුන්දර මහතා විසින් එම පැමිණිල්ල සඟවා තිබී ඇත.

පොලිස් මූලස්ථානය විසින් එම පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබේ.

ඒ අනුව මෙම විමර්ශනය අරඹා ඇත.