ජනපති හා ඉන්දීය අගමැති සුහද හමුවක

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ නරේන්ද්‍ර මෝදි මහතා අතර හමුවක් අද (31) පෙරවරුවේ හයිද්‍රාබාද්හි දී සිදු විය. හයිද්‍රාබාද් නිල නිවසේදී මෙම හමුව පැවැත්වීය. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් ඉතා මිත‍්‍රශීලිව සහ උණුසුම් අන්දමින් පිළිගන්නා ලදී.