දිය වැඩියාව හැදුනු 30% කට අක්ෂි ආබාධ

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

‍‍ මෙරට දියවැඩියාව වැලි ඇති පුද්ගලයන් 30% ක් අක්ෂි ආබාධවලට ගොදුරු වී ඇතැයි සමීක්ෂණයකින් හෙළිවි තිබේ.

දියවැඩියාව වැළදුණු පුද්ගලයන්ගෙන් 10% කට පමණ ඇස් පෙනීම දුර්වල වී ඇති අතර 1% ත් 4% ත් අතර ප්‍රතිශතයක් සම්පූර්ණයෙන්ම අන්ධ භාවයට පත්ව ඇතැයි හෙළිවී තිබේ.

මේ අනුව‍ දියවැඩියාව හේතුවෙන් අක්ෂි ආබාධවලට ගොදුරු වන ජනතාවගේ වර්ධනයක් පෙන්නුම් කරන බව ජාතික රෝහල අක්ෂි ශල්‍ය වෛද්‍ය කපිල බන්ධුතිලක මහතා සදහන් කලේය.