සහල් වර්ග කිහිපයකට උපරිම සිල්ලර මිලක්

Picture of අසංක

අසංක

සහල් වර්ග කිහිපයකට උපරිම මිලක් නියම කර තිබේ.

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතා පවසන්නේ ඊට අදාළ ගැසට් පත්‍රය ද නිකුත් කර ඇති බවයි.

2019 මැයි 31 වැනිදා සිට මෙම නියෝගය බලපැවැත්වේ.

ඒ අනුව සුදු නාඩු, රතු නාඩු සහ සුදු සම්බා යන සහල් සඳහා පහත ගැසට් පත්‍රයේ පරිදි උපරිම මිල පනවා තිබේ.