රතන හිමිගේ උපවාසයට සහය දෙමින් මහනුවර සෙනඟින් පිරේ

Picture of අසංක

අසංක

මහනුවර ශ්‍රී දළදා මාළිගාව ඉදිරිපිට අද දිනයටත් උපවාසයේ නිරත පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් බැහැදැකීමට අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල්තුමා පැමිණියේය.

ඔහු එහිදී රතන් හිමියන් වෙත් පවසා ඇත්තේ ඍජුව හෝ වක්‍රව මෙම සිද්ධීන්ට සම්බන්ධ අය පිළිබඳ නිසි විමර්ශනයක් නොපැවැත්වෙන බවත් සිදුවිය යුත්තේ එවැනි ස්වාධීන විමර්ශනයක් පවත්වා වැරදිකරුවන් සොයාගැනීම බවයි.

පක්ෂ විපක්ෂ මැතිඇමතිවරුන් ගණනාවක් ද උන්වහන්සේ හමුවීමට පැමිණියහ.

ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ද එම ස්ථානයේදී ජනතාව ඇමතීය

මහනුවර නගරයේ වෙළඳසැල් අද දිනයේ වසා දමා දළදා මාළිගා පරිශ්‍රයට විශාල පිරිසක් රැස්ව සිටිනු දක්නට හැකිවේ.

මෙහි පැමිණි දුමින්ද දිසානායක මන්ත්‍රීවරයා ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ආකාරයක් ද දක්නට හැකිවිය

එම්.ඒ.එල්.එම්. හිස්බුල්ලා, අසාත් සාලි , රිෂාද් බදියුදීන් යන අය ඔවුන් දරන ධූරවලින් ඉවත් කරන්නැයි ඉල්ලා මෙම උපවාසය දින 3ක් තිස්සේ ක්‍රියාත්මකය.