පොලිස් ලොක්කන් 4කගෙන් අදත් පා. මන්ත්‍රීවරු ප්‍රශ්න කරති

Picture of අසංක

අසංක


පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට පත්කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවට අද (04) පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සිව් දෙනෙකු කැඳවා ඇත.

ඒ අනුව, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න, අපරාධ පරීක්ෂණ ‍දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ වරුණ ජයසුන්දර සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ නාලක ද සිල්වා යන මහත්වරුන් තේරීම් කාරක සභාව හමුවේ පෙනී සිටිමට නියමිතය.