දිස්ත්‍රික් කිහිපයකට අද මහ වැසි

Picture of අසංක

අසංක

අද දිනයේදී කළුතර, රත්නපුර, ගාල්ල, මාතර හා කෑගල්ල දිස්ත්‍රික්වලට මිලිමීටර් 150-200ත් අතර අධික වැසි ඇදහැලෙනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම කොළඹ, ගම්පහ, පුත්තලම, මහනුවර, නුවරඑළිය, හම්බන්තොට හා මන්නාරම දිස්ත්‍රික්වලට ද මිලිමීටර් 150ක් පමණ වන වැසි ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යාඥයෝ අනාවැකි පළකර තිබේ.