අයිෆෝන් 400ක් සමඟ 3ක් අත්අඩංගුවට

Picture of අසංක

අසංක

නවීන තාක්ෂණය භාවිත කරමින් නීතිවිරෝධී ලෙස අඩු මුදලකට ජාත්‍යන්තර ඇමතුම් දුරකතන ඇමතුම් ලබාදෙන ස්ථානයක් මීගමුව ප්‍රදේශයෙන් වටලා සැකකරුවන් 3 දෙනකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් වන්නේ චීන ජාතිකයෙක් හා ලාංකිකයන් 2නෙකි.

එහි තිබී අයිෆෝන් 402ක්, ජංගම දුරකතන සිම්පත් 17500ක්, රවුටර් 60ක් අත්අඩංගුවට ගෙන ඇත.

අද උදෑසන මෙම වැටලීම කර තිබේ.