සෞදි කුමරු කළු අබායා එපා කියයි

Picture of අසංක

අසංක

සවුදි අරාබියේ කාන්තාවන් , හිස් ආවරණ පැළඳීම හෝ කළු පැහැති ” අබායා ” පැළඳීම අත්‍යාවශ්‍ය නොවන බව එරට ඔටුන්න හිමි කුමරු වන මොහොමඩ් බින් සල්මන් අවධාරණය කර සිටී.

විනීතභාවය හා ගෞරවය රැකෙන අකාරයේ ඕනෑම ඇඳුමක් ඇඳීමට සවුදි අරාබියේ කාන්තාවන්ට අයිතියක් ඇති බවත් එය ඉස්ලාම් දහමට පටහැණි නොවන බවත් ජාත්‍යන්තර සී බී එස් රූපවාහිනී සේවය සමග සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් සල්මන් කුමරු සඳහන් කර ඇත.

කාන්තාවන්ට තම ඇඳුම් පැළඳුම් තෝරාගැනීමේදී යම් නිදහසක් තිබිය යුතු බවද කුමරු මෙහිදී සඳහන් කර ඇත.

බින් සල්මන් කුමරු මේ වනවිට එරට කාන්තා අයිතිවාසිකම් පුළුල් කිරීමපිළිබඳව විශේෂ අවධානයක් යොමු කර ඇති බවත් ඔහුගේ මැදිහත්වීම යටතේ , දැනටමත් මෝටර් රථ පැදවීමේ අයිතිය හා ක්‍රීඩා තරඟ නැරඹීම සඳහා ක්‍රීඩාංගන වලට ඇතුළුවීමේ අවස්තාව , එරට කාන්තාවන්ට ලැබී ඇති බවත් ගල්ෆ් නිව්ස් වෙබ් අඩවිය සඳහන් කර ඇත.

සල්මන් කුමරු සී බී එස් රූපවහින්යට කල ප්‍රකාශයත් සමග , ඇඳුම් පැලඳුම් සම්භන්ධව එරට කාන්තාවන්ට යම් තරමක හෝ නිදහසක් හිමිවනු ඇති බවද එරට මාධ්‍ය විශ්වාසය පළකර ඇත.

මෙතෙක් , එරට කාන්තාවන්ට ඇඳුම් පැලඳුම් භාවිතයේදී දැඩි නීති රීතිවලට යටත් වීමට සිදුවුවද කුමරුගේ ආගමනයත් සමග එම තත්වයන් වෙනස් වන බවක්ද දක්නට ඇත.

මෙතෙක් භාවිතා කල කළු පැහැති අබයා වෙනුවට වීව්ධ දීප්තිමත් වර්ණයන්ගෙන් යුත් අබායා භාවිතයට එරට කාන්තාවන් දැනටමත් යොමුවී ඇති බවද ගල්ෆ් නිව්ස් වාර්තා කර ඇත.