නවතම පුවත්

රවි සහ රාජිත ගෙනා මෛත්‍රිගෙ යෝජනාව රනිල් ප්‍රතික්ෂේප කරයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව නවතා දමන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ අවශ්‍යයතාව අනුව ඇමැති රවි කරුණානායක අගමැති රනිල් වික්‍රමසිංහ හමුවේ කළ ඉල්ලීම ප්‍රතික්ෂේප වී ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පැතිරයමින් තිබේ.
අගමැති රනිල් වික්‍රමසිංහගේ හිතවතුන් විසින්ම මෙම තොරතුර මාධ්‍යට ලබා දීමට පියවර ගෙන ඇත. කෙසේ වෙතත් අදාල තොරතුරු අනුව ඇමැති රවි කරුණානායක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ උවමනාවට අනුව මෙම තේරීම් කාරක සභාව නවතා දමන ලෙස ඉල්ලීම් කරමින් සිටියි.
මෙයට දෙසතියකට පෙර මෙම තේරිම් කාරක සභාව නවතා දමන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ අවශ්‍යතාව මත අගමැති රනිල් වික්‍රමසිංහට ඉල්ලීම් කර ඇති ඇමැතිවරුන් ගණන දෙදෙනෙකි. ඒ රාජිත සේනාරත්න ඇමැතිවරයා සහ රවි කරුණානායකයි. නමුත් ඒ අවස්ථාවේදීද අගමැතිවරයා ඊට ප්‍රතිචාර දක්වා නැත.
රවි කරුණානායක දෙවැනි වතාවටත් අගමැතිවරයා හමුවීනේ පසු අදාල ඉල්ලීම ඉදිරිපත් කිරීම සදහා අදාල තේරීම් කාරක සභාව හමුවීමට ගොස් ඇත. මෙම අවස්ථාවේදී අදාල තේරිම් කාරක සභාවේ නියෝජිතයෝ ඇමැති රවි කරුණානායකගේ ඉල්ලීම එක හෙළා ප්‍රතික්ෂේප කර තිබේ.
අදාල අවස්ථාවේ තේරිම් කාරක සභාවේ අදහස වී ඇත්තේ රිෂාඩ් බදියුදීන්ගෙන් ප්‍රශ්න කිරීම දක්වාම මෙම සභාව ක්‍රියාත්මක විය යුතු බවයි. ඒ අවස්ථාවේ ඇමැති රාජිත සේනාරත්න ද රවි කරුණානායකගේ යෝජනාවට එරෙහි වී තිබේ.
මෙම තොරතුරු අගමැති රනිල් වික්‍රමසිංහගේ හිතවතුන් විසින්ම මුදාහැරීම විශේෂත්වයකි. අදාල තොරතුරුවල නිවැරදිභාවය විමසීමට ඇමැති රවි කරුණානායක සහ ඇමැති රාජිත සේනාරත්න සම්බන්ධකර ගැනීමට දුරකථන ඔස්සේ කළ උත්සාහය ව්‍යවර්ථවිය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා