ඇමරිකාවෙන් ඉන්දියාවය ආනයනය කරන භාණ්ඩවලට තීරුබදු ඉහලට

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඇමරිකාවෙන් ආනයනය කරන භාණ්ඩ 28 ක් සඳහා තීරුබදු ඉහළ දැමීමට ඉන්දියාව පියවරගෙන තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ඉන්දීය අපනයන භාණ්ඩ සඳහා ඇමරිකාවේ තීරුබදු පැනවීමටප්‍රතිචාරයක් ලෙස මෙම පියවර ගෙන ඇති බවයග

ඇමරිකානු භාණ්ඩ සඳහා ඉහළ නැංවු තීරුබදු අද සිට ක්‍රියාත්මක බව ඉන්දියාව නිවේදනය කරයි.

මෙම තිරු බදු තුළින් ඇමරිකානු ඩොලර් මිලියන 217 ක ආදායමක් ඉපයීමට ඉන්දියාව අපේක්ෂා කරන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කොට තිබේ

එම ක්‍රියාමාර්ගය තුළින් අදාල භාණ්ඩ අපනයනය කරන ඇමරිකානු ව්‍යාපාරිකයින්ට යම් බලපෑමක් එල්ලවනු ඇති අතර එම භාණ්ඩ වල ඉන්දීය වෙළඳපොලේ ඉතා ඉහළ අගයක් ගනු ඇති .

පසුගිය මාර්තු මාසයේදි ඉන්දියාවෙන් ආනයනය කරන ඇළුමිනියම් ඇතුළු ලෝහ සඳහා තීරුබදු පනවන ලදී.