මහා මැතිවරණයක් වෙනුවට , ජනමත විචාරණයක් පැවැත්වීම සඳහා වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ යෝජනාවට එම පක්ෂය අභ්‍යන්තරයෙන්ම විරෝධයක් මතුව ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටී.
මේ වනවිට සමස්තයක් වශයෙන් වත්මන් පාර්ලිමේන්තුවම පිළිබඳ ජනතාව තුල අප්‍රසාදයක් පවතින් බැවින් , මේ මොහොතේ ජනමත විචාරණයකට යාමද සුභ දායක නොවන බව , ශ්‍රී ලනිපයේම මන්ත්‍රීවරු පිරිසක් ජනපතිවරයාට දැනුම් දී ඇත.
ඒ අනුව මේ පිලිබඳ තීන්දු තීරණ ගැනීම සඳහා මෙම සතිය තුල ජනාධිපතිවරයා හා ශ්‍රීලනිප ප්‍රබලයින් අතර විශේහ සාකච්ජාවක් පැවැත්වීමටද නියමිතව ඇති බව වාර්තාවේ.
කෙසේ වෙතත් ජනපතිවරයා ටජිකිස්තානය බලා පිටත්ව යාමට පෙර දිනද ශ්‍රීලනිපයේ ප්‍රධානීන් පිරිසක් සමග , ජනමතවිචාරණයක් පැවැත්වීමට ඇති හැකියාව පිලිබඳ රහස් සාකච්ජාවක් පැවැත්වීය