ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ සැකකරුවකු අත්අඩංගුවෙන් මුදාගැනීම සඳහා හොරොව්පතාන පොලිසියේ ස්ථානාධිපතිවරයාට අල්ලසක් ලබාදීමට තැත් කිරීමේදී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පුද්ගලයා ඇප මත මුදාහැර තිබේ.
ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය කළ නියෝගයකට අනුවයි.
රුපියල් 15000/- ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ හතර බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට අධිකරණය නියෝග කර ඇත.
අදාළ සැකකරු රුපියල් දෙලක්ෂ පණස් දහසක අල්ලසක් ලබාදීමට තැත්කරමින් සිටියදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.