හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අභියාචනාධිකරණයට ඉදිරිපත් කර තිබූ පෙත්සම් 2ක් විභාගයට ගැනීමකින් තොරව අභියාචනාධිකරණය අද (18) ප්රතික්ෂේප කළේය.
ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදි කිරීම සම්බන්ධයෙන් විශේෂ ත්රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාග වන නඩුවට ඉදිරිපත් වූ මූලික විරෝධතාව ප්රතික්ෂේප කිරීම එරෙහිව හිටපු ලේකම්වරයා ගොනු කල පෙත්සම් දෙකක් සම්බන්ධයෙන් නීතිමය තත්ත්වයක් නොමැති බව සඳහන් අභියාචනාධිකරණය කරමින් මෙම පෙත්සම් ප්රතික්ෂේප කළේය.