සටහන – සංදේශ් වික්‍රමසිංහ
රත්ගම ව්‍යාපාරික තරුණයන් දෙදෙනා ඝාතනය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි විජේගුණවර්ධන මහතාගෙන් පැය 8කට අධික කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ව්සින් අද ප්‍රශ්න කර තිබේ.
තරුණයන් දෙදෙනා ඝාතනය පිළිබඳ පොලිස් නිලධාරීන් අනාවරණය වූ කරුණු සම්බන්ධයෙන් ඔහුගෙන් දීර්ඝ ලෙස කරුණු විමසා ඇත.
එම ඝාතනය සම්බන්ධයෙන් තමා කිසිවක් නොදන්නා බව රවි විජේගුණවර්ධන මහතා පවසා තිබේ.
ඒ බව තමන් දැන සිටියේ නම් එම පොලිස් නිලධාරීන් මුලින්ම අත්අඩංගුවට ගන්නේ තමා බවත් හෙතෙම රහස් පොලිස් නිලධාරීන් හමුවේ සඳහන් කර ඇත.
තරුණයන් දෙදෙනාගේ ඝාතනය පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙත දැනුම් දුන්නේ තමා බව ද ඔහු වැඩිදුරටත් පවසා තිබේ.