ආණ්ඩුව කෝටි 2ක් කුලී ගෙවන සබීතාගේ ගොඩනැගිල්ල ගැන ජනපති කොමිසම අද විමසයි

Picture of අසංක

අසංක


කෘෂිකර්ම අමාත්‍යංශය පවත්වා ගෙන යාමට මාසිකව අධික මුදලක් ගෙවමින් කුලී පදනම මත ලබා ගෙන ඇති ගොඩනැගිල්ල සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා අද (20) දිනත් රජයේ දූෂණ, වංචා සොයන ජනාධිපති කොමිසම රැස්වීමට නියමිතය.

අද කොමිසම හමුවට කැඳවා ඇත්තේ, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරිනියක් වන රසිකා අබේවීර නමැත්තියයි.

පෙරවරු 9.30 ට කොමිසම හමුවට පැමිණ සාක්ෂි ලබා දෙන ලෙස ඇයට දන්වා ඇතැයි ජනාධිපති කොමිසම පැවසුවේ ය.

කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, එම විමර්ශනයට සමගාමීව ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයට පැමිණ ප්‍රකාශයක් ලබා දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍යංශයේ ප්‍රධාන ගණකාධිකාරී නිලූකා ජයසිංහ මහත්මියට ද දැනුම් දී ඇති බවයි.

රාජගිරිය – ශ්‍රී ජයවර්ධනපුර මාවතේ පිහිටි කෘෂිකර්ම අමාත්‍යංශය පවත්වා ගෙන යන ගොඩනැගිල්ලට මාසිකව ගෙවනු ලබන කුලී මුදල රුපියල් මිලියන 21 කට අධික වේ.