නාගරික සංවර්ධන අධිකාරියේ නිවාස ව්‍යාපෘති 2ක් නවතී

Picture of අසංක

අසංක

නාගරික සංවර්ධන අධිකාරිය විසින් මධ්‍යම මට්ටමේ ආදායම් උපයන්නන් වෙනුවෙන් ආරම්භ කළ නිවාස ව්‍යාපෘති 2ක ඉදිකිරීම් මේ වනවිට ඇනහිට ඇත.

බොරැල්ලේ හා තලවතුගොඩ ප්‍රදේශයේ ඉදිකිරීම් සැලසුම් කෙරුණු අදාළ ව්‍යාපෘති දෙක නිවාස 800කින් සමන්විත වේ.

මෙම ව්‍යාපෘති හාර චීන සමාගම ඒවා තවදුරටත් ඉදිරියට ගෙනයාමට තරම් ශක්‍යතාවකින් තොර බව තහවුරු වීම නිසා මෙලෙස ව්‍යාපෘති අතරමග ඇනහිට ඇත.