කබීර් හෂීම් හා එම්.එච්.ඒ. හලීම් මහත්වරුන් තමන් කලින් දැරූ අමාත්‍ය ධුරයන්හි ඊයේ (19දා) යළි දිවුරුම් දීම සම්භන්ධයෙන් සෙසු මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මෙන්ම අගමැතිවරයගේද අප්‍රසාදය හා විරෝධය පලවී ඇති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර සිටී.
මෙම දිවුරුම් දීම සිදුව ඇත්තේ තමන්ගේ අනුදැනුමක් යටතේ නොවන අතර එසේ තම එකඟතාවකින් තොරව මෙසේ ඇමතිවරුන්ට දිවුරුම් දිය නොහැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින්ඊයේ (19) පැවති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී.අවධාරණය කර ඇති බවද වාර්තාවේ,
තමා දැනුවත් කර යම් ප්‍රතිපත්තිමය කරුණක් මත අමාත්‍ය ධුරවලින් සියලුම දෙනා ඉල්ලා අස්වී තමා දැනුවත් නොකර දෙදෙනකු පමණක් මෙසේ අමාත්‍ය ධුරවල යළි දිවුරුම් දීම අනුමත කළ නොහැකි බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එහිදී අවධාරණය කර ඇත.
එසේම මෙම ඇමතිවරුන් දෙදෙනා මෙසේ දිවුරුම් දී ඇත්තේ ,ඔවුන් සමග මීට පෙර අමාත්‍යධූර වලින් ඉල්ලා අස්වූ සෙසු මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේද සාමූහික තීරණයන්ට පටහැනිව වන බව වාර්තාවේ.