බස්නාහිර පළාත් හිටපු මහ ඇමති ඉසුර දේවප්‍රිය මහතා මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ධුරයට පත් කර තිබේ.
එහි සභාපතිවරයා ලෙස කටයුතු කළ ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කිරීමෙන් පුරප්පාඩු වූ සභාපති ධුරය සඳහා ඉසුර දේවප්‍රිය මහතා මෙලෙසපත්කර තිබේ.