ජනපති අණින් නැවතුණු පොලිස් මාරුවීම් යළි ක්‍රියාත්මක වන ලකුණු

Picture of අසංක

අසංක

පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමග නියෝජ්‍ය පොලිස්පතිවරුන්, පොලිස් අධිකාරීවරුන් හා සහකාර පොලිස් අධිකාරීවරුන් විශාල පිරිසක් එකවර මාරු කිරීම ජනපති අණින් නවතා දැමුණ ද එය යළි ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පොලිස් කොමිසම තුළ දැඩි කතාබහක් මතුව තිබේ.

එවන් පසුබිමක පොලිස් අධිකාරීවරුන් කිහිපදෙනෙකුගේ මාරුවීම් සම්බන්ධයෙන් පොලිස් කොමිසමේ අවධානය යොමුව ඇතැයි සඳහන්‍ ය.

ඒ අනුව බණ්ඩාරවෙල කොට්ඨාශ භාර පොලිස් අධිකාරීවරයා රත්නපුරයට මාරු කිරීමට නියමිත බව වාර්තා වේ.

කොළඹ අපරාධ කොට්ඨාසය භාර පොලිස් අධිකාරිවරයා බණ්ඩාරවෙලට මාරුකිරීමට අවධානය යොමුව ඇත.