අයි.එස් තර්ජනයකට ලංකාව හා ඉන්ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානයට සිරියාව හා ඉරාකය අහිමිවීම හේතුවෙන් ඔවුන්ගේ අවධානය ඉන්දීය සාගර කලාපය දෙසට යොමුව ඇති බවත් ඒ අනුව ශ්‍රී ලංකාව හා ඉන්දියාව මේ හේතුවෙන් අයි.එස් ත්‍රස්ත සංවිධානයේ තර්ජනයකට ලක්ව ඇති බව ඉන්දීය බුද්ධි අංශ වාර්තා අනතුරු අඟවා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දීය බුද්ධි අංශය එරට පොලිස් ප්‍රධානීන් ලිපි තුනක් මඟින් මේ සම්බන්ධයෙන් දැනුවත් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
බුද්ධි අංශ නිකුත් කර ඇති අදාල ලිපි මඟින් ඉන්දියාවේ ප්‍රහාර එල්ල විය හැකි අවදානම් ප්‍රදේශ කිහිපයක් පිළිබඳව ද සඳහන් කර ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කළේය.
මේ අතර ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ අවම වශයෙන් පුද්ගලයින් සියයක පමණ පිරිසක් පසුගිය වසර කිහිපය තුළ අයි.එස් සංවිධානයට සම්බන්ධ වී ඇති බවට අනාවරණය වී ඇත.
අයි.එස් සාමාජිකයින් රට තුළට ඇතුලු වීම වැළැක්වීම සඳහා කේරල වෙරළාශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් යොදා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.