ලොව පුරා ආගම් පැතිර පවතින ආකාරය එක් සිතියමකින් පහත දැක්වේ.
ලෝක ආර්ථික සංසදය මගින් නිකුත් කරන ලද මෙම දත්තවලට අනුව එක් එක් රවුම්වලින් දක්වා ඇත්තේ ඒ ඒ රටවල් හා ඒවායෙහි ආගම් පැතිර ඇති ආකාරයයි.
ලොව ප්රධාන ආගම්වල පැතිරීම පෙන්නුම් කරන මෙම සිතියමේ නිල් පැහැයෙන් දැක්වෙන්නෙ ලොව 32.8%ක් වූ ක්රිස්තියානි ජනතාව ය.
දෙවැනි වැඩිම ජනතාවක් අතර පැතිර පවතින ඉස්ලාම් ආගම මෙහි පෙන්වා ඇත්තේ කොළ පැහයෙනි. එය ප්රතිශතයක් ලෙස ගත්කල 22.5%කි.
ඉන්පසුව ලොව වැඩිම ජනතාවක් අතර පැතිරී ඇති ආගම් පිළිවෙළින් ගත්විට තද තැඹිලි පැහැයෙන් හින්දු ජනතාව 13.8%ක් ලෙස ද ඇන්තෙස්ටික් හා වෙනත් ආගම් 11.8% බැගින් ද බෞද්ධ ජනතාව 7.2%ක් ලෙසින්ද දක්වා තිබේ.
යුරෝපයේ ක්රිස්තියානි ආගමත් උතුරු අප්රිකාවේ සිට මැදපෙරදිග හරහා ඉන්දුනීසියාව දක්වා ඉස්ලාම් ආගමත් බහුතරය පෙන්නුම් කරන ආගම් ය.
එහෙත් ආසියාව පුරා විවිධ ආගම් ඒ ඒ රටවල බහුතරය පෙන්වා දීම විශේෂත්වයකි.
මේ අනුව බෞද්ධ ආගම ලොව පැතිර පවතින්නේ 5 වැනි ස්ථානයට ය.
මූලාශ්ර – ලෝක ආර්ථික සංසදය