බැටික්ලෝ කැම්පස් ආයතනය නමින් ලංකා බැංකුවේ පවත්වාගෙන යන ගිණුමට විදේශයකින් කිසිදු ණය මුදලක් ලැබී නොමැති බවරාජ්‍ය ආයතනවල වංචා හා දූෂණ සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසම හමුවේ අනාවරණය වී ඇත.
ලංකා බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ සම්ප්‍රේෂණ අංශයේ කළමනාකරු ඩබ්ලිව්.ජී. ජනක් ප්‍රසන්න මහතා ඊයේ කොමිසමේ පොලිස් ඒකකයට දුන් ප්‍රකාශය අනුව මේ පිලිබඳ කරුණු අනාවරණය වේ ඇත.
ඔහු එහිදී පවසා ඇත්තේ, මහ බැංකුවේ අවසරයකින් තොරව කිසිදු විදේශීය ණයක් එම ගිණුමට බැර කළ නොහැකි බව ය.
කෙසේවෙතත්ප සුගියදා ජනාධිපති කොමිසමට ප්‍රකාශයක් දෙමින් නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා ප්‍රකාශ කළේ, අදාළ ගිණුමට විදේශයකින් ණය මුදලක් ලැබුණු බව ය.