පොලීසියේ ඉහළ නිලධාරීන් විශාල පිරිසකට ස්ථාන මාරු නියෝග නිකුත් කිරීමට පොලිස් මූලස්ථානය සූදානම් වෙයි.
ඒ අනුව ඉදිරි පැය කිහිපය තුළ මෙම ස්ථාන මාරුවීම් පිළිබඳ නියෝගය නිකුත් කිරීමට නියමිතය.
කොළඹ, ගම්පහ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ද බස්නාහිර පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ද ස්ථාන මාරු ලැබීමට නියමිත බව වාර්තා වේ.
එමෙන්ම කොට්ඨාස භාර පොලිස් අධිකාරීවරු රැසකට ද ස්ථාන මාරුවීම් ලැබීමට නියමිත බව සඳහන් ය.