පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන අහන්න අගමැති කැඳවීමේ සූදානමක්!

Picture of අසංක

අසංක

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍යවරුන් පිරිසක් කැඳවීමට කාරක සභාව තීරණය කර ඇතැයි වාර්තා වේ.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, නීතිය හා සාමය හිටපු අමාත්‍යවරුන් වන සාගල රත්නායක සහ රංජිත් මද්දුමබණ්ඩාර යන මහත්වරුන්ද කාරක සභාව හමුවට කැඳවීමට අවධානය යොමුව ඇත.

එම කාරක සභාව යළි රැස්වීමට නියමිතව ඇත්තේ ලබන 26 වැනිදායි.