ඉස්ලාම් ත්රස්තවාදීන් දෙවන ප්රහාරයක් එල්ල කිරිම ගැන ඉන්දියාව කල අනතුරු ඇගවීම සම්බන්ධයෙන් ශ්රී ලංකා යුධ හමුදාව සැලකිල්ලෙන්කටයුතු කරන බවත් ඉස්ලාම් ත්රස්තවාදීන් දෙවන ප්රහාරයක් එල්ල කිරිම ගැන ඉන්දියාව කල අනතුරු ඇගවීම සම්බන්ධයෙන් ශ්රී ලංකා යුධ හමුදාව සැලකිල්ලෙන්කටයුතු කරන බවත් හදිසි නීතිය මසකින් දීර්ඝ කිරිමත් සමග රටේ ආරක්ෂාව තහවුරු කිරිමට යුධ හමුදාව කටයුතු කරන බවත් ඉන්දියාව සමග විශේෂ බුද්ධි තොරතුරු හුවමාරු කරගනිමින් ගෝලීය ඉස්ලාම් ත්රස්තවාදය පරාජය කරන්න කටයුතු කරන බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා පැවසුවා.
ඒ මාදුරුඔය යුධ හමුදා විශේෂ බලකා පුහුණු පාසලේ පැවති විශේෂ බලකා 49 වන විසිර යෑම සදහා එක්වෙමින්.
රටක ඕනැම වෙලාවක යුධම තත්වයක් ඇතිවිය හැකි බවත් ඒ අනුව ශ්රී ලංකාවේ යුධ හමුදාව , නාවික හමුදාව , ගුවන් හමුදාව සහ පොලිසීය හා බුද්ධි අංශ එක්ව කටයුතු කරමින් සිටින බවද වැඩිදුරටත් ඒ මහතා සදහන් කරා.