ලංකාවේ 12%ක් වැන්දඹුවන්

Picture of අසංක

අසංක

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 12% කට අධික ප්‍රතිශතයක් වැන්දඹු පවුල් සිටින බව ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශය නිකුත් කල නවතම වාර්තාවක දැක්වේ.

ඔවුන්ගේ සුබ සාධනය සඳහා නවතම වැඩසටහන් රැසක් සැලසුම් කර ති බවත් , එම වැඩසටහන් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවත් අමාත්‍යංශය සඳහන් කර සිටී .

අදට යෙදෙන ලෝක වැන්දඹුවන්ගේ දිනය වෙනුවෙන් ජගත්වා සංවිධානයද විශේෂ වාර්තාවක්ර්තා නිකුත්ව කර ඇති අතර එහි දැක්වෙන්නේ , ලොව සෑම වැන්දඹු කාන්තාවන් 10 දෙනෙකුගෙන් එක් අයෙකු අන්ත දුගී බවින් පෙළෙන බවයි.

ලෝක ජනගහනයෙන් මිලියන 258 ක් වැන්දඹුවන් ලෙස දිවි ගෙවන බවද එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.