“ආණ්ඩුව නරක් වුණේ 19 නිසා” – ජනපති

Picture of අසංක

අසංක

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් 18 සහ 19 වන සංශෝධන ඉවත් කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ඒකාධිපතිත්වයක් බිහි කරන බවත් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් රට තුළ දේශපාලන අස්ථාවර භාවයක් ඇති කළ බවත් හෙතෙම පෙන්වා දෙයි.

ගෙවී ගිය වසර 4 1/2ක කාලයේදී ආණ්ඩුව ‘නරක් වූයේ’ 19 වැනි සංශෝධනය නිසා බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

තමා හා අගමැතිවරයා අතර කඹ ඇදීම් සිදුවී ඇත්තේද ඒ නිසා බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.