නවතම පුවත්

අදත් ප්‍රහාරයක් ගැන කී පොලිස් ලොක්කන්ට වැඩ වරදියි

අසංක

අසංක


‌ෙද්වස්ථානවලට අද දිනයේ ප්‍රහාරයක් එල්ල වන බවට සදහන් කරමින් කොළඹ ඇතුළු පොලිස් ස්ථාන රැසකට නිකුත් කර තිබු අනතුරු ඇගවීමේ පොලිස් පණිවුඩයක් සම්බන්ධයෙන් පොලිස්පති නියමයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

කොළඹ පොලිස් ස්ථානවලට අනතුරු ඇගවීම දැනුම් දී ඇත්තේ කොළඹ පොලිස් හදිසි ඇමැතුම් අංශයයි.

කොළඹ හදිසි ඇමැතුම් අංශය සදහන් කර ඇත්තේ කොළඹ නියෝජ්‍ය පොලිස්පති ලලිත් එස් පතිනායක මහතා විසින් එම පණිවුඩය ලබාදෙන ලෙස තමන්ට දැනුම් දුන් බවය.


කැළණිය පොලිස් කොට්ඨාශයට සහ දකුණු පළාතේ පොලිස් ස්ථාන කිහිපයකටත් මෙම පණිවුඩය ලැබී තිබු බව පොලිස් තොරතුරු අනාවරණය කළේය. මෙම අනතුරු ඇගවීමේ පණිවුඩය නිකුත් වීමත් සමග දේවස්ථානවල ආරක්ෂාව තර කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබිණි.


නමුත් මෙවැනි අනතුරු ඇගවීමක් ගැන ඒවනවිට වැඩ බලන පොලිස්පිවරයා, බුද්ධි අංශ ප්‍රධානීන් හෝ වෙනත් උසස් නිලධාරින් කිසිවෙකුත් දැන සිට නැත.

මෙවැනි අනතුරු ඇගවීමක් නිල වශයෙන් ලැබී නොමැති අවස්ථාවකදී මෙවැනි අනතුරු ඇගවීමක් සිදු කර ඇත්තේ නිළධාරින් කිහිප දෙනෙකුගේ උවමනාවට පමණක්ද යන්න ගැන පරීක්ෂණ පැවැත්වෙයි.
ඒ අනුව අදාල උසස් පොලිස් නිලධාරින්ට එරෙහිව නෛතික කටයුතු සිදුවනු ඇතැයි පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි