යාපනය, පේදුරුතුඩුව ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකුගේ සේවය අත්හිටුවන්නැයි උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාගවන් මහතා අදාළ අංශ වෙත උපදෙස් දී තිබේ.
ඒ පාසල් ශිෂ්‍යාවක අපයෝජනය කිරීමේ සිද්ධියක් වසන් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙනි.
තම දියණිය ගුරුවරයෙකු විසින් අපයෝජනය කර ඇති බව පවසමින් ඇයගේ මව්පියන් විසින් විදුහල්පතිවරයාට පැමිණිලි කළද ඔහු ඒ පිළිබඳ පොලිසියට පැමිණිලි කිරීම වැලැක්වීමට උත්සහ කළ බව විදුහල්පතිට එරෙහිව එල්ල වූ චෝදනාවකි.
ඒ අනුව එම සිද්ධියට අදාලව විදුහල්පතිවරයාගේ සහ ගුරුවරයාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පියවර ගෙන ඇත.
පළාත් අධ්‍යාපන ලේකම්වරයා වෙත ආණ්ඩුකාරවරයා විසින් අදාල උපදෙස් දී ඇත.