අමෙරිකාව ඉරානයට අලුතින් සම්බාධක පනවා තිබේ.
ඒ සති කිහිපයක් තිස්සේ දෙරට අතර පවතින සීතල යුද්ධයේ ප්‍රථිඵලයක් වශයෙනි.
ඒ අනුව ඉරාන අධ්‍යාත්මික නායක අයිතුල්ලා අල්බ්කමෙයිනි ඇතුළු නිලධාරීන් ඉලක්ක කර නව සම්බාධක පැනවෙන ලියවිල්ලට අමෙරිකානු ජනාධිපතිවරයා අත්සන් තබා තිබේ.
අමෙරිකාව පනවන ලද නව සම්බාධක ඉරාන ආර්ථිකයට මරු පහරක් වනු ඇති බව විශ්ලේෂකයන්ගේ අදහසයි.
අමෙරිකාවේ ඩ්‍රෝන් බිමහෙළීමට ඉරානය පියවර ගැනීම අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මෙම තීරණයට බරපතල ලෙස බලපා තිබේ.
නව සම්බාධක මගින් ඉරානයෙන් ඩොලර් බිලියන ගණනාවක් අත්පත් කරගැනීමට හා අත් හිටුවීමට අමෙරිකානු ජනපති ට්‍රම්ප්ට හැකිවන බව ඇතැමුන්ගේ අදහසයි.