පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ බෝම් ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා කැඳවා තිබේ. හමුදාපතිවරයා කැඳවා කොමිසම ප්‍රශ්න කිරීමට බලාපොරොත්තු වන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ලැබී තිබූ තොරතුරු අනුව ඒ වන විට රටේ පැවැති ආරක්ෂක තත්වයන් දැනට පවතින ආරක්ෂක ඇතුළු කාරණා කිහිපයක් සම්බන්ධයෙනි.
කමිටුව හමුවේ පෙනී සිටින්නැයි දැනටමත් ඔහු ඇතුළු පිරිසකට ලිඛිතව දන්වා තිබේ. කෙසේ වෙතත් දැනට රාජකාරි දී සිටින ආරක්ෂක අංශ නිලධාරීන් කිසිවකු මෙම කමිටුව හමුවට සහභාගී නොකරන බවට ජනාධිපතිවරයා විසින් පසුගියදා ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදු කළේය.
එම තත්ව යටතේ හමුදාපතිවරයාට කර ඇති මෙම කැඳවීම විශේෂත්වයක් දරයි.පාස්කු බෝම්බ ප‍්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් හිටපු ඇමති බදියුදීන් තමන්ගෙන් විමසූ බව හමුදාපතිවරයා විසින් සිදු කරන ලද ප‍්‍රකාශයක් මහත් ආන්දෝලනයක් ඇති කලේය.
එයද ඇතුළු චෝදනා ගණනාවක් ඇතුලත් කරමින් බදියුදීන් හිටපු ඇමතිට විරුද්දව එල්ල කරන ලද විශ්වස භංගය මූලික කර ගනිමින් ඉල්ලා අස්වූ ඇමතිවරුන් අතර සිටින රවුෆ් හකීම් මහතාද හමුදාපතිවරයාගෙන් ප‍්‍රශ්න කිරීමට නියමිත තේරීම් කාරක සභාවේ සිටී.