නේපාලයේ ප්‍රදේශ කිහිපයකින් සැකකටයුතු පාර්සල් 28ක් – එකක්වත් බෝම්බ නෙවෙයි

Picture of අසංක

අසංක

නේපාලයේ ප්‍රදේශ කිහිපයකින් අද උදෑසන සිට සැකකටයුතු පාර්සල් 28ක් හමුවූ බව එරට පොලීසිය පවසයි.

එරට පොලිස් ප්‍රකාශක බිෂෝව්රාජ් පොහාරල් පවසන්නේ මෙම පාර්සල් බෝම්බ නිෂ්ක්‍රීය අංශ විසින් පරීක්ෂා කළද ඒවා කිසිවක් බෝම්බ නොවන බවයි.

කිසියම් පිරිසක් විසින් සංවිධානාත්මක ලෙස ජනතාව අතර බෝම්බ බියක් ඇතිකිරීමට තැබූ ඒවා බවට අනාවරණය වී ඇතැයි ඔහු එරට මාධ්‍ය වෙත හෙළිකර තිබේ.

කත්මන්ඩු, කිර්තිපූර්, ජවාලකේල් ආදී ප්‍රදේශ ගණනාවකින් මෙම සැකකටයුතු පාර්සල් හමුවී ඇත.