ඇවන්ට්ගාඩ් අධිපති නිශ්ශංක සේනාධිපති සමඟ අත්අඩංගුවට ගැනීමට සිටින පුද්ගලයන් 8 දෙනා අතර ජාතික පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක මහතා ද වන බව වාර්තා වේ.
චෝදනා එල්ල වී ඇති ඇවන්ට්ගාඩ් සිද්ධිය සමයේදී සමන් දිසානායක මහතා ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකු ලෙස කටයුතු කර ඇත.
ඇවන් ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති ඇතුළු අට දෙනෙකු වහාම අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත දැනුම් දී තිබේ.