නවතම පුවත්

ශ්‍රීලනිපය සමග සන්ධාන කතා පට්ටපල් බොරුවක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රි ලංකා නිදහස් පොදුජන පෙරමුණ නැමැති සන්ධානයකින්  ඉදිරි මැතිවරණ සඳහා තරඟ කිරීමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සමග  කිසිදු එකඟත්වයකට පැමිණ  නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අවධාරණය කරයි.

ඊයේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතා සිදුකල ප්‍රකාශය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව ඊයේ (05) පෙරවරුවේ කොළඹ නෙළුම් මාවතේ පිහිටි පොදුජන පෙරමුණු  ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී   පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා මේ බව  අවධාරණය කළේය.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ  අතර සාකච්ඡා සාර්ථකව සිදුකෙරෙන නමුත් සන්ධානයකින් තරඟ කිරීමක් සම්බන්ධයෙන් තවමත් කිසිදු නිෂ්චිත අවසන් තීරණයකට පැමිණ  නොමැති බව ඒ මහතා සඳහන් කළේය. 

වත්මන් ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස එම පක්ෂය විසින් නම්කොට ඇති පසුබිමක එම කොන්දේසිය යටතේ සන්ධානයකට එකඟවීමට පොදුජන පෙරමුණ  සූදානම් නොමැති බව ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා