ටූටන්කාමන් ලන්ඩනයේදී විකිණෙයි

Picture of අසංක

අසංක

ඊජිප්තුවේ පෞරාණික වස්‍තුවක් ලෙස සැළකෙන ටූටන්කාමන් පාරාවෝ රජුගේ උඩුකය ආකෘතියක් ලන්ඩනයේ වෙන්දේසියකදී ඩොලර් මිලියන 6කට අලෙවි වී තිබේ.

ඊජිප්තු බලධාරීන් චෝදනා කරන්නේ මීට දශක කිහිපයකට පෙර ඊජිප්තු පිරමීඩ් සොහොන් මංකොල්ලකරුවන් විසින් මෙය සොරාගත් බවයි.

ක්‍රිස්ටීගේ වෙන්දේසියේදී මෙය අලෙවි වී ඇති අතර සංවිධායකයන් පෙන්වා දෙන්නේ මෙම පෞරාණික වස්‍තුව වසර කිහිපයකට පෙර සිටම ප්‍රදර්ශනයේ තබා කිසිඳු විමර්ශනයකට හේතුවූවක් නොවන බැවින් එය අලෙවි කළ බවයි.

ටූටන්කාමන් යනු ළාබාල වියේදීම ඊජිප්තුවේ රජකළ පාරාවෝ රජ කෙනෙකි.

ඔහු වයස අවුරුදු 9 දී ඊජිප්තුවේ රජු වූ අතර 19 වියෙහි දී මිය ගියේය.