චීනය ඉස්ලාම් අන්තවාදය මැඩලන්න යෙදවුමක් නිර්මාණය කරයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

‍චීනයේ පදිංචි මුස්ලිම් ජනතාවගේ එදිනෙදා ජීවිතය නිරීක්ෂණය කිරීම සඳහා එරට රජය විශේෂ ජංගම දුරකථන යෙදවුමක් ( app) යොදා ගෙන ඇති බවට තොරතුරු වාර්තාවේ.

චීනයේ ශින්ජියන්ග් ( Xinjiang ) ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් මෙම යෙදවුම ක්‍රියාත්මක වන බවටද තොරතුරු වාර්තාවේ,

චීනය අන්තවාදී කටයුතු වලට සම්භන්ධ මුස්ලිම් ජන පිරිස් චීන රජය විසින් ශින්ජියන්ග් ප්‍රදේශයේ විශේෂ කඳවුරු වල රදවා ඇති අතර . මෙම රැදවුම් කදවුරු වලදී එම පුද්ගලයින්ගේ අන්තගාමී අදහස් ඉවත් කිරීමේ කටයුතු ක්‍රියාත්මක කෙරෙන බව චීන බලධාරීන් සඳහන් කර සිටී .

මෙම මධ්‍යස්ථාන වල සිටින පුද්ගලයන් ගේ මුහුණු හඳුනා ගැනීමේ කැමරා පද්ධති , ක්‍රියාත්මක කිරීම ,පොලිස් නිරීක්ෂණ තොරතුරු ලබා ගැනීම , බැංකු තොරතුරු ලබාගැනීම ආදිය මෙම යෙදවුම මගින් සිදුකෙරේ .

ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක් විසින් මෙම යෙදවුම ( app) එක ලබා ගෙන එය ක්‍රියා කරන ආකාරය සොයා බලා ඇත. එමගින් හෙළිවී ඇත්තේ මෙම app එක මගින් පුද්ගල තොරතුරු පමණක් නොව ඔවුන් පිළිබද සැක කටයුතු තොරතුරු ලැබුණු පසු ඔවුන් පරීක්ෂාවට පොලීසිය යොමු වීමද සිදු වන බවය.