නිරිතදිග මෝසම හා අන්තර් මෝසම අපේක්ෂිත පරිදි නොලැබීම හේතුවෙන් ඉදිරි සති කිහිපය තුල මෙරට කෘෂිකාර්මික කටයුතු දැඩි අවදානම් තත්ත්වයකට පත්විය හැකි බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අනතුරු අඟවා සිටී.
ඉදිරි කාලය තුළ මෙරට බොහෝ ප්‍රදේශවලට කටුක වියළි කාලගුණ තත්ත්වයකට මුහුණදීමට සිදුවන බවද .කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී
ඒ අනුව නිසි සැලසුමකින් තොරව කෘෂි වගාවන් සිදු කළ හොත් බරපතළ ප්‍රතිවිපාකයන්ට මුහුණදීමට ද සිදුවිය හැකි බව දෙපාර්තමේන්තුව පවසයි.
මේ අතර වියළි කාලගුණය හේතුවෙන් මේ වනවිට කුඩා වැව් 14,000 ක් සිදී ගොස් ඇති අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ජලාශ 73 හි ධාරිතාව ද 25% ක් දක්වා පහළ ගොස් අවසන් ය.