අමෙරිකාව තුළ එල්.ටී.ටී.ඊ. තහනම ඉවත් කරන ලෙස හිටපු එල්ටීටීඊ සාමාජිකයන් පිරිසක් විසින් අමෙරිකානු නියෝජිතයන්ගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.
මෙරට සංචාරයකට පැමිණි අමෙරිකානු සෙනෙට් සභිකයන් කණ්ඩායමක් සමග ප්‍රජාතන්ත්‍රවාදය සදහා වූ සටන්කාමීන්ගේ පක්ෂයේ (CFD) පිරිසක් පසුගිය සිකුරාදා යාපනයේදී සාකච්ඡාවක් පවත්වා තිබේ.
මෙරට සිටින දෙමළ ජනතාව මුහුණ දෙන ගැටලු, වත්මන් දේශපාලන තත්ත්වය හා ඉදිරියේදී දෙමළ ජනතාව වෙනුවෙන් සිදුවිය යුතු දේ ආදී කරුණු ගණනාවක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වූ බව පක්ෂයේ ප්‍රකාශක කේ. දුලාසි හෙවත් ගනේෂලිංගම් චන්ද්‍රලිංගම් පවසා ඇත.
එමෙන්ම අමෙරිකානු විදේශ සබදතා කමිටුවේ ජ්‍යෙෂ්ඨ ලේකම් ඩේමියන් මර්ෆි පවසා තිබුණේ දෙමළ දේශපාලනය සම්බන්ධයෙන් අවබෝධයක් ලබාගැනීමට මෙම සාකච්ඡාව ඉවහල් වූ බවය.
13 වැනි ව්‍යවස්ථා සංශෝධනය මෙරට තුළ මුළුමනින්ම ක්‍රියාත්මක විය යුතු බවට ද දෙමළ දේශපාලකයින් මෙහිදී අවධාරණය කර තිබේ.
ප්‍රජාතන්ත්‍රවාදය සදහා වූ සටන්කාමීන්ගේ පක්ෂය තුළ පුනරුත්තාපනය වූ හිටපු එල්ටීටීඊ සාමාජිකයන් ද ඇතුළත් වන අතර ඔවුන් මේ වනවිට ක්‍රියාකාරී දේශපාලනයේ නියැලෙන බව සදහන් ය.
කෙසේවෙතත් ඇතැම් මාධ්‍ය වාර්තාවලට අනුව මෙම සාකච්ඡාවේ ප්‍රතිඵලය වී ඇත්තේ අමෙරිකාව තුළ එල්ටීටීඊයට ඇති තහනම ඉවත් කර ගැනීම කෙරෙහි අමෙරිකානු නියෝජිතයන්ගේ අවධානය යොමු කරවීමට ඉල්ලා සිටීමයි.
අමෙරිකාව ඇතුළු රටවල් ගණනාවක එල්ටීටීඊය යනු තහනම් ත්‍රස්ත සංවිධානයකි.
ඒ අනුව කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයට ද එම පක්ෂයේ නියෝජිතයන් පැමිණ සාකච්ඡාවක නිරත වූ බවට වාර්තා පළවී තිබේ.