ඇවන්ට්ගාඩ් විමර්ශනයකට අදාළව අත්අඩංගුවට ගැනීමට නියමිත ජාතික පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක මහතා අතුරුදන්ව ඇතැයි වාර්තා වේ.
ඔහු සිටින ස්ථාන කිසිවකින් ඔහු සොයාගත නොහැකි වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.
ඇවන්ට්ගාඩ් අධිපති නිශ්ශංක සේනාධිපති ඇතුළු 8 දෙනකු අත්අඩංගුවට ගැනීමට නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ නිලධාරීන්ට උපදෙස් දී තිබුණි.
ඒ සමගම නිශ්ශංක සේනාධිපති ද විදේශගත වූ බවට ආරක්ෂක අංශ වෙත තොරතුරු ලැබී ඇත.
සමන් දිසානායක ඇතුළු අත්අඩංගුවට ගැනීමට සිටින සෙසු පිරිස ද රහසිගතව විදේශගතවීමේ ඉඩකඩක් ඇති බැවින් ගුවන්තොටුපළේ ද ආරක්ෂක අංශ සීරුවෙන් තැබීමට කටයුතු කොට ඇතැයි සදහන් ය.
මේ අතර සමන් දිසානායක මහතා වෙනුවට වෙනත් ලේකම්වරයකු පත්කිරීමට ජාතික පොලිස් කොමිසමේ අවධානය යොමුව තිබේ.