එජාප හිටපු පළාත් මන්ත්‍රී රොයිස් ප්‍රනාන්දු අත්අඩංගුවට

Picture of අසංක

අසංක

එක්සත් ජාතික පක්ෂ හිටපු පළාත් සභා මන්ත්‍රී රොයිස් ප්‍රනාන්දු මහතා අද දහවල් මීගමුව නගරයේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

මීගමුව පදිංචිකරුවකුගේ නිවසකට ඇතුළු වී පුද්ගලයකුට පහර දී දේපොළ කොල්ලකෑම සම්බන්ධ පැමිණිල්ලකට අදාළව ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෝ 5දෙනකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටිති.

අත්අඩංගුවට ගත් රොයිස් ප්‍රනාන්දු මහතා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.