කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද (08) දින පෙරවරු 9.30ට පාර්ලිමේන්තුවේ පැවැත්වීමට නියමිතව තිබේ.
කෙසේ වෙතත් අදාළ පක්ෂ නායක රැස්වීම පැවැත්වීමට හේතුව සම්බන්ධයෙන් නිසි දැනුවත් කිරිමක් සිදුකර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කර ඇත.
ලබන සිකුරාදා විවාදයට ගැනීමට නියමිත ඉඩම් විශේෂ විධිවිධාන පනත පිළිබදව මෙම පක්ෂ නායක රැස්විමේ දී අවධානය යොමු කිරීමට නියමිත අතර අදාළ පනත සම්බන්ධයෙන් මේ වන විටත් අධිකරණයට පෙත්සම් කිහිපයක් ඉදිරිපත් වී ඇති බැවින් එම පනත් කෙටුම්පත සම්බන්ධ පාර්ලිමේන්තු විවාදය නොපැවැත්වීම පිළිබද මෙහිදි සාකච්ඡා වීමට නියමිතය.